හැඟුම් වලට ඉඩදී මොහොතක් අහමුද Machan

සම්මත අසම්මත යැයි බෙදුනු ලෝකයක හැම ආදර කතාවක්ම එකම වටිනාකමකින් බාර ගැනීමට ලෝකයා සූදානම් නැත. තුන් වැනි පාර්ශවයට හැම විටෙකම අසම්මත වූ එනමුත් ආදර වන්තයන්ට ආදර වන්තියන්ට සම්මත ආදර කතා ඔබ මා ජීවත් වන මේ සමාජය තුළ ඕනෑ තරම්ය.

04 Dec 2016 0 comment

වික්ටර් රත්නායකයන්ගේ මධුර මනෝහර ස්වරයෙන් හා ගැයුමෙන් හැඩවූ ප්‍රේමකීර්තිද අල්විස් ශූරීන්ගේ අපූර්වතම හිතුවක්කාර පද රචනයකින් තැනුනු

" අපෙ හැඟුම් වලට"

ඒ අසම්මත යැයි සළකන තුන් වෙනි පාර්ශවයේද හදවත සසළ කරවන හැඟීමක් මවන අපූර්වතම නිර්මාණයකි. ඔවුන් සිහින දකිනුයේ ඔවුනොවුන්ගේ හැඟුම් වලට තරමින් වියතක ඉඩක් ලබාදී හඳ එළියක මද අඳුරේ අත් පටළා යලි එක් වරක් හෝ ඇවිද යන්නට පමණකි. අසම්මත ආදරයක් හැම විටම රාගය මතම පදනම් නොවන හැඟීමක් යැයි ලොව පිළිගන්නට මැළිවන සත්‍යය ප්‍රේමකීර්ති අපූරුවට පහදයි.

හෙවනැල්ලටත් රහසේ විත් රහසේම මුමුණා රහසේම පිටවී යන්නේ හසරැල්ලෙන් හැඬුම් සඟවාගෙනය.ඒ ලෝකයාට මේ රහස සඟවා යළිත් මවාගෙන ජීවත්වීමෙ උරුමයට පිය නගන්නටය. ඔබට මට, ලෝකයට සැඟව මෙවැනි රිදුම් දෙන ආදර කතා මේ මොහොතේත් තැන තැන හසරැල්ලෙන් හැඬුම් සඟවා ලොවට හිනැහී සිටිනවා ඇත.

හැඟීමක රස බෙදාහදා ගැනීමේ මේ උත්සාහය සහෘද හදවත් සන්තර්පනය කිරීමේ උත්සාහයක් විනා කිසිඳු මූල්‍යමය වටිනාකමක් හෝ හිමිකමක් අත්කර ගැනීමේ උත්සාහයක් නොව.ඔවුන් බිහිකෙරූ වටිනාකම් අනාගත පරපුරට සන්නිවේදනය කිරීමක් පමණකි.

අපි Machan

 

Media

Leave a comment

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities