ගෝඩෝ උන්නැහෙ එනකං...

අයර්ලන්ත ජාතික සැමුවෙල් බෙකට්ගේ ලෝසුපතල අපූර්ව තේමාවක් රැගත් Waiting for Godot යන වේදිකා නාට්‍යය විරල ජීවන හරයක් කියාපාන සාහිත්යික නිමැවුමකි. මෙය "ගෝඩෝ උන්නැහෙ එනකං..." යන නමින් 80 දශකයේ දී ලාංකික රඟ මඬලේ රඟ දැක්විණි. මෑතදී අප අතරින් සමුගත් විමල් කුමාර ද කොස්තා රංගධරයාණන්ගේ මුල්ම වේදිකා නාට්‍යය සම්ප්‍රාප්තිය ද මෙම නාට්‍යයයි.

04 Dec 2016 0 comment

" ගෝඩෝ කවදා හෝ පැමිණ තමන් බේරා ගනීවි යැයි අපේක්ෂාවෙන් ව්ලැදිමීර් සහ එස්ට්‍රැගොන් මග බලා සිටිති. එසඳ තමන් කෝප වුවහොත් ගොඩෝ කිපෙතැයි ඔවුහු සිතති. අතීතයේ දිනෙක දෙදෙනාම යාඥා කර ගෝඩෝගෙන් යමක් අයැද සිටියහ. ගෝඩෝ නමැත්තෙක් සැබැවින්ම සිටිනවා දැයි පවා ඔවුහුනො දනිති. සැබැවින්ම සිටිතැයි මිනිසුන් සිතුවත් සැබැවින්ම පවතිනවාදැයි සියුම් උපහාසය මුසු විමංසනාක්ෂියෙන් විවරණය කෙරෙන දේව සංකල්පය විදාරණය කරමින් දිගහැරෙන නාට්‍යයකි."

විඳිය යුතු, දැකිය යුතු, නාට්‍යයකි...

 

නාට්‍යයේ කෙටි දෙබසක්....

• එස්ට්‍රැගොන් : එහෙනං යමු... (8)

ව්ලැදිමීර් : අපිට බෑ.

එස්ට්‍රැගොන් : ඇයි බැරි?

ව්ලැදිමීර් : අපි ඉන්නවා ගෝඩෝ උන්නැහේ එනකං...

• ව්ලැදිමීර් : ඩිංගිත්තක් ඉඳල බලමු එයා මොකක්ද
කියන්නෙ කියලා. (13)

එස්ට්‍රැගොන් : කවුද?

ව්ලැදිමීර් : ගෝඩෝ උන්නැහේ...

• එස්ට්‍රැගොන් : එහෙනම් ඉඳිමු. (39)

ව්ලැදිමීර් : අපි දැං ඒකට හුරු වෙලා.

• එස්ට්‍රැගොන් : එහෙනං යමු... (76)

ව්ලැදිමීර් : අපිට බෑ.

එස්ට්‍රැගොන් : ඇයි බැරි?

ව්ලැදිමීර් : අපි ඉන්නවා ගෝඩෝ උන්නැහේ එනකං...

• එස්ට්‍රැගොන් : දැං අපි මොකද කරන්නෙ?(86)

ව්ලැදිමීර් : මග බලං ඉන්නකම්ද?

එස්ට්‍රැගොන් : මග බලං ඉන්නකම්.

 

සටහන : සංජය නිල්රුවන්

Media

Leave a comment

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities