සිනමාවට 70යි මේ...."රේඛාව"

"සේන ඔයාට මතකද බොරු කකුල් කාරයා කියාපුවා"?
(බොරුකකුල් කාරයාගේ හඩ සේනට මතක් වේ).
"ළමයා උඹ මේ ගමේ මහා පුදුම උපදවන කෙනෙක් වෙනවා.දහස් ගණන් දුප්පත් සෙනග නුඹව හොයාගෙන එන්න පුළුවන් .ඒ අයගෙ දුක් දුරුකරගන්න.)"
"ඒ බොරුවට කියාපු එකක්".
05 Dec 2016 0 comment
"ඒක බොරුවක් නෙමෙයි සේන.ඒක ඇත්තක්. මම හොඳටම දන්නවා ඔයා මගෙ ඇස් දෙක ඇල්ලුවොත් මගේ ඇස් ආයෙත් පෙනෙයි කියලා".
"අනුලට පිස්සුද මම යනවා යන්න"
"එහෙනම් මම මේ ගගට පනිනවා.මගේ ඇස් දෙක අල්ලලා කියන්න මගෙ ඇස් පේන්න කියලා..."
"අනුලා ඔයා මගේ හොඳම යාළුවා නිසා ඉතින් මම ඔයා කියන එක කරන්නම්කො".
"අම්මෙ අම්මෙ මගෙ ඇස් පේනවා"
"අනුලා දගලලා ගගට පෙරළෙන්නද හදන්නෙ"
"නෑ අම්මෙ මට පේනවා ... මේ ගස්කොළන් කුරුල්ලො මල් මට හොඳට පේනවා"
"දගලන්නෙ නැතිව ඔහොම ඉන්නවද නැද්ද?ඔහොම හිටපන් මම අල්ලගන්නකම්"
"නෑ අම්මෙ මට පුළුවන් තනියම බහින්න...මේන් බලන්න"
"කෙල්ලෙ ඔහොම හිටපන් මම එනකම්"
"මම දුවලා ගිහින් සේනට කියන්න ඔිනෙ මගෙ ඇස් දෙක පේනවා කියලා".
 
 
"රේඛාව" දේශීය සිනමාවේ රිදී රේඛාව ලෙස හඳුන්වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ප‍්‍රථම සිංහල චිත‍්‍රපටයයි. චිත‍්‍රාගාර තුළ රූගත කරමින් ඉන්දියානු ආභාෂයෙන් යුත් පසුතල  සංගීතය ගායන විලාශයන් ආදී සියල්ල ඉන්දියානු කරණය වී තිබූ මොහාතක ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිනමා කැමරාවක් ප‍්‍රථම වරට රළිමහන ට රැගෙන ගොස් එම කථාවේ ජීවත්වන මිනිසුන් සහ පරිසරය ස්වභාවික අකාරයෙන් යොදාගැනීම "රේඛාව" සිංහල සිනමාවේ සුවිශේෂී ඇරඹුමක් විය.  
 
 
 
1957 ප‍්‍රංශ කාන් සිනමා උළෙලේ තරගකාරී අංශය නියෝජනය කළ ප‍්‍රථම ශ‍්‍රීලංකා සිනමා නිර්මාණය වූ රේඛාව එම උළෙලේ palme d'Orහොඳම කැමරා ශිල්පියා සඳහා නාමයෝජනා ලැබුනු ප‍්‍රථම සිංහල චිත‍්‍රපටයද කැමරා ශිල්පියාද වන්නේය."රේඛාව" සිංහල සිනමා ඉතිහාසයේ හැරවුම් ලක්‍ෂයකි
 
 
 
තිර රචනය- ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 
අධ්‍යක්‍ෂණය -ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 
නිෂ්පාදනය - ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්.
සංගීත නිර්මාණය- සුනිල් ශාන්ත සහ බී.එස්. පෙරේරා
ගීත රචනා - මර්සලීන් ජයකොඩි පියතුමා
ගායනා- සුනිල් ශාන්ත, සිිසිර සේනාරත්න, ලතා වල්පොල.ඉන්ද‍්‍රානි විජයබණ්ඩාර.අයිවෝ ඩෙනිස්  
කැමරා අධ්‍යක්‍ෂණය- විලියම් බ්ලේක්
සංස්කරණය-ටයිටස් ඩි සිල්වා
චිත‍්‍රපටයේ ධාවන කාලය- විනාඩි 89
තිරගතකරන ලද වර්ෂය  - 1956 දෙසැම්බර් 28
රංගනය-සෝමපාල ධර්මප‍්‍රිය(සේන)මටල් ප‍්‍රනාන්දු (අනුලා)ශේෂා පලිහක්කාර(බොරුකකුල් කාරයා)රෙමියුලස් ඩි සිල්වා- (ගම් ප‍්‍රධානියා),මල්ලිකා පිලපිටිය-( පේ‍්‍රමවතී),අයිරාංගනී සේරසිංහ- (කත‍්‍රිනා),ඩී.ආර්. නානායක්කාර-(සූටි),එන්.ආර් ඩයස් -(පොඩි මහත්තයා),ආනන්ද වීරකෝන් -(නිමල්),වින්සන්ට් සේරසිංහ- (කුමනේරිස්),නෝනා සුබෙයියා-(රොසලින්)
ගීත- ඔිලු නෙළුම් නෙරිය රගාලා,සුදු සඳ එළියේ,වෙසක් කැකුළු අතු අග
 
 
 

Media

Leave a comment

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities