"තූර්යා"- ගැහැනු අත්වළින් 06 දා තාල වාද්‍ය වැයෙයි

තූර්යා කියන්නේ ලංකාවේ පළමුවැනි කාන්තා තාල වාද්‍ය වෘන්දය.මේ මහපොළවේ කාන්තාවන් දක්වන දක්‍ෂකම් සුවිශේෂයි. පළවෙනි වාද්‍ය වෘන්දය ඔවුන් ලංකාව ඇතුළෙ තම අනන්‍යතාවය සනිටුහන් කරමින් ඉදිරියට යන්නට අපේක්‍ෂා කරනවා. මේ අපේක්‍ෂාව මල්ඵල දරමින් මේ වනවිට ප‍්‍රසංගාත්මක සංදර්ශණයකට ඔවුන් සූදානම් වෙනවා. නෙළුම් පොකුණ රගහලේදී මෙම මස 06දින මෙරට රසික සහෘදයන්ට නවමු අත්දැකීමක් එක්කරමින් ඔවුන් වයන්න සහ ගයන්නටයි සූදානම. මේ තූර්යා වාද්‍ය වෘන්දය පිළිබඳ ජාතික පුවත්පතකින් උපුටා ගත් සාකච්ජා සටහනකි.

03 Dec 2016 0 comment

 

මේ ඔවුන්ගේ ආරම්භය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තියනවා තාල වාද්‍ය අංශයක්.මිට පෙර එම අංශයට ශිෂ්‍යාවන් ඇතුළත් වී තිබුණේ නෑ.නමුත් මේ විෂයට තිබුණු අසාවත් එක්ක මට ඒ අංශයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා.එහිදී මට ලංකාවේ පළමුවැනි තාල වාද්‍ය උපාධි අපේක්ෂිකාව වීමට හැකියාව ලැබෙනවා.එතැනදී මට ශ්‍රියන් ගුණසේකර මහතා මුණගැසෙනවා.ඒ අතරතුර මට ආරාධනාවක් ලැබෙනවා Leo සමාජයට ඉදිරිපත් කිරීමක් කරන්න.එතැන දී ශ්‍රියන් සර්ට කියල උඩරට ,පහතරට අධ්‍යන අංශවල සිටින ළමයි කිහිපදෙනෙක් එකතු කරගෙන ඉදිරිපත් කිරීම කරනවා. ශ්‍රියාන් චන්ද්‍රසේකර මහතාගේ උපදෙස් අනුව තමයි "තූර්යා" කියන තාල වාද්‍ය කණ්ඩායම බිහිවෙන්නෙ.පසුව අපිට විශ්ව විද්‍යාලය ඇතුළේ අභ්‍යයන්තර සංදර්ශනයක් ලෙස තූර්යා 2015 අපේ පළමුවැනි Showඑක පවත්වන්න අවස්ථාව ලැබෙනවා.එදා ඉදන් ආව ගමන තමයි මේ .

‘තූර්යා’ ප්‍රසංගය හා එහි සුවිශේෂීත්වය ගැන කිව්වොත්

දෙසැම්බර් 06 වැනිදා Live in colombo 2016’ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී සවස 7.00 ට පැවැත්වෙනවා.

එහිදී අපි අංග රාශියක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.ප්‍රථම අංගය ගෝත්‍ර නාදය, දෙවැන්න ලීලාවතී රාජ සභාව , තෙවැන්න රවිබන්දු විද්‍යාපති මහතා විසින් නිර්මාණය කරන අත්‍යා කියන ගැටබෙර අශ්‍රිත නිර්මාණය RHYTHM OF LANKA  නම් වූ ලංකාවෙ මෙතෙක් බිහිවූ බෙරවාදන එකතු කර සිදුකළ නිර්මාණය.ලෝකයේ තියන විවිධ තාල වාද්‍ය භාණ්ඩ සහ ලංකාවේ තියන තාල වාද්‍ය භාණ්ඩ එකතු කරලා සිදු කරන නිර්මාණ සහ තවත් නිර්මාණ රාශියක් එදිනට ඉදිරිපත් කරනවා.ඒ හැම අංගයකම සාමාන්‍ය බෙර වාදනයට එහා ගිය අර්ථාන්විත දෙයක් ඇතුළත් වෙලා තිබෙනවා.

අන්තර්ජාතික මට්ටමින් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒමට සමත් වුණා නේද ?

ඔව්.ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ මේ වෙද්දී අපි හිටියේ ඉන්දියාවේ ලී18 වැනි කාන්තා ජාත්‍යන්තර ගැමි නැටුම් තරගාවලිය සහ සැණකෙළියට සහභාගී වෙමින්.එය සංවිධානය කර තිබුණේ ඉන්දියාවේ චාරුක් කැසලේ කියන පදනම විසින්. අපේ ඉදිරිපත් කිරීමෙන් තමයි ඒ මුළු තරගාවලියම ආරම්භය සනිටුහන් කළේග.කාවෙදිවත් නොලැබුණු ප්‍රතිචාර ඉන්දියාවේදී ලැබුණා.එහිදී එම තරගාවලියේ ශුරතාවයි "තූර්යා"හිමිකර ගත්තා.පස්සේ හොදම සංගීතයට හිමි ප්‍රථම සම්මානය ලබා ගැනීමටත් අපිට හැකියාව ලැබුණා.

‘තූර්යා’ තුළ පවතින සංගීතශෛලිය?

තුර්යා තුළ තියෙන්නේ තාල වාද්‍ය සංගීතය. ඒ කියන්නේ ආතත ,විතත ,විතතාතත ,ඝන සහ සුසිර යන සියල්ලන්ගෙන්ම සැදුම්ලත් අනන්‍යතාවයක් තමයි මේ විෂයට තියෙන්නේ.ඒක ඇතුළේ ලංකාවේ තියන දේශීය භාණ්ඩ වන උඩරට බෙරය,පහතරට යක් බෙරය,සබරගමු දවුල සහ තම්මැට්ටම වාදනය ද .එතනින් එහාට ගියහම අසල්වැසි ඉන්දියාවේ තියන තබ්ලාව ,කියුබන් රටවල් වල,ඇමෙරිකානු රටවල් හි තියන කොන්ගාස්,බොංගෝ,ස්පඤ්ඤ සංගීතයට අදාළව තියෙන කහොන් සහ අනිත් රටවල්වල තියන Western Drums යන සියල්ලම අපේ කණ්ඩායමේ සාමාජිකයන් හදාරමින්,ගවේෂණය කරමින් මේ කාර්‍යත් එක්ක නියැලිලා ඉන්නවා,සමස්ථ ලෝකයේම පවතින පර්කෂන් වර්ග පිළිබදව දැනුම එකතුකර ගනිමින් යන ගමනක් තමයි අපේ අනන්‍යතාවය වෙන්නේ .

මේ සියලු දේ සිදු කිරීම සදහා ලැබුණු සහයෝගය ගැන මතක් කරමු

මේ කර්තව්‍යයට උදව් කරපු විශාල පිරිසක් ඉන්නවා.ඒ අනුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මැතිතුමා,ශ්‍රියන් චන්ද්‍රසේකර මහතා.රවිබන්දු විද්‍යාපති මහතා.රුවන් ජයශාන්ත මහතා.වාදනයෙන් චමිල සංගීත් මහතා,සුපුන් සී ජයලත් මහතා සහ විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය , සංගීත කලා ,නර්තන කලා යන පීඨ තුනෙහිම ගුරුවරු,ශිෂ්‍ය,ශිෂ්‍යවන් වගේම අන්‍යධන කාර්යමණ්ඩලය ද අපට නොමඳ සහයක් ලබා දෙනවා .

 

අවසානයේ ඔබ ඇතුළු කණ්ඩායම මේ හරහා බලාපොරොත්තු වෙන්නේ?

අපේ කණ්ඩායමේ තේමාව වෙන්නේShare The Rhythm of Humanity.ඉතින් මනුෂ්‍යත්වයේ රිද්මය විහිදුවාලමින් ගමනක් යන එක තමයි අපේ බලාපොරොත්තුව.අපි සොයන්නේ වාදන ක්ෂේත්‍රය ඇතුළේ අපේ ශක්තියෙන් නිපදවන්න පුළුවන් ශබ්දය කුමක්ද ,නිර්මාණය කරන්න පුළුවන් රසය කුමක්ද කියන එකයි.ඒ රසයෙන් තව කෙනෙක්ව ආනන්දයට පත් කරන්න පුළුවන් නම් එතැන තමයි අපේ ජයග්‍රහණය.

Media

Leave a comment

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities