‘ධවල භීෂණ’ යළිත්

ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවල භීෂණ’ වේදිකා නාට්‍යය දෙසැම්බර් මස 02 දා

සවස 4.00 ට කොළඹ විශ්ව විද්‍යාලයීය නාට්‍යාගාරයේදී වේදිකා ගතවේ.

30 Nov 2016 0 comment

නීල් අලස්, ඩබ්ලිව්. ජයසිරි, ඕෂදී ගුණසේකර, චරිත් සේනානායක, ජෙහාන් ශ්‍රී කාන්ත,  ජගත් ද සිල්වා, ඉෂාර ප්‍රමුදිත, සුසංග කහඳවලආරච්චි, 

අරුනෝද් විජේසිංහ, සුනිමල් පෙරේරා, කෝසල ලක්ෂිත, අමිල් ගල්අංග යන ශිල්පීහු රංගනයෙන් දායක වෙති.

ප්‍රංශ නාට්‍ය රචක ෂෝන් පොල් සාත්‍රෙගේ ‘මෙන් විතවුට් ෂැඩෝස්’ නාට්‍යයේ සිංහලයට අනුවර්තනය සිරිල් සී. පෙරේරා විසිනි.

මෙහි සංගීත නිර්මාණය ප්‍රේමසිරි කේමදාසයන් විසින් සිදු කර ඇත.

‘ධවල භීෂණ’ 1990 වර්ෂයේ රාජ්‍ය නාට්‍ය උළෙලේ වසරේ හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම සහාය නළුවා, හොඳම වේදිකා නිර්මාණය, හොඳම වේදිකා ආලෝක නිර්මාණය, හොඳම වේදිකා පරිපාලනය ඇතුළු සම්මාන නවයක් හිමි කර ගත් අතර. ඉන්දියාවේ 2013 නවදිල්ලි සහ ජායිපූර් අන්තර්ජාතික නාට්‍ය උළෙල ශ්‍රී ලංකාව නියෝජනය කලේය.

Leave a comment

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities