චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට පෙර ජාතික ගීය වාදනය අනිවාර්ය වේ

ඉන්දියාවේ සිනමා ශාලා තුළ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට පෙර ජාතික ගීය වාදනය කළ යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.

01 Dec 2016 0 comment

මෙම තීරණය දින 10ක් තුළ ක්‍රියාත්මක කිරීම ඇරඹිය යුතු බවත්, එලෙස ජාතික ගීය වාදනය කරන අවස්ථාවේදී චිත්‍රපට ශාලාවේ සිටි පිරිස් අසුන්වලින් නැගිට ඊට ආචාර කළ යුතු බවත් විනිසුරුවන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා තිබේ.

1960 සහ 1970 දශකවලදී ඉන්දියාවේ සිනමා ශාලාවල මේ ආකාරයෙන් ජාතික ගීය වාදනය කිරීමක් සිදුවුවත්, මෙම සිරිත ක්‍රමයෙන් පිරිහී ගොස් තිබුණි.

මේ දක්වා, ජාතික ගීය වාදනය කිරීම සම්බන්ධයෙන් එරට ප්‍රාන්ත 29 තුළ විවිධ නීති පැවති අතර, එක් නිශ්චිත නීතියක් නොවූ බවද කියැවෙයි.

කෙසේ වෙතත්, විනිසුරුවන් දෙදෙනෙකුගෙන් සමන්විතව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (30දා) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා සිටියේ ඉදිරියේදී රටේ සියලු සිනමා ශාලා තුළ මෙය ක්‍රියාත්මක විය යුතු බවය. 

එමෙන්ම, ජාතික ගීය වාදනය වන අවස්ථාවේදී තිරයේ ඉන්දීය ධජය ප්‍රදර්ශනය කළ යුතු බවද ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.

Leave a comment

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities