ධනුෂ්ගේ දෙමව්පියන් බව පවසා යුවළක් උසාවි යයි

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළුවෙක් වන ධනුෂ් සම්බන්ධ පෙත්සමක් උසාවියට ඉදිරිපත් වීමත් සමඟ ලෝකයේම අවධානය ධනුෂ් වෙත යොමු වී තිබෙනවා.

01 Dec 2016 0 comment

Kathiresan සහ  Meenakshi නම් වූ යුවළක් උසාවිය වෙත මෙලෙස පෙත්සමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සුපිරි නළුවා තම පුත්‍රයා බවයි.

ඔහු කුඩා කළ තමන් අත්හැර ගිය බවත් මේ වන විට තමන් ජීවත් වීමට නොහැකිව තමන් අසරණව ඇති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

තමන් රුපියල් 65000ක මුදලක් මසකට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමිනුයි මොවුන් මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ධනුෂ් විවාහ වී ඇත්තේ දමිළ සිනමාවේ සුපිරි වීරයා ලෙස සලකන රැජිනි ඛාන්ත්ගේ දියණියත් සමඟයි.

කෙසේ වෙතත් ධනුෂ් මේ වන තෙක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

ඒ අනුව ජනවාරි මස 12වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ධනුෂ් වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.

148438 1

                                                       ධනුෂ්ගේදෙමව්පියන්තමන්බවපවසනයුවළ

                                                

Leave a comment

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities