"සරිගම" අද සිට ඩිජිටල් සිනමාශාලාවල ප‍්‍රදර්ශණය අරඹයි

රේණුකා බාලසූරිය නිෂ්පාදනයක් ලෙසින් සෝමරත්න දිසානායකගේ අධ්‍යක්‍ෂණයක් ලෙසින් "සරිගම"අද සිට තිරගත වෙනවා.මේ චිත්‍රපටය තිරගත වීමත් සමග සිනමාශාලාවලත් විශේෂත්වයක්‌ ඇතිවෙලා තිබෙනවා. ඒ වෙනස කරන්න බලපෑම් කළ පුද්ගලයා වේනනෙත් සෝමරත්න දිසානායක.

02 Dec 2016 0 comment

මහින්ද රාජපක්‍ෂ රජය කාලෙ සිනමාව ඩිජිටලියිස් කරනවා කියලා අරලියගහ මන්දිරයේ ලොකු උත්සවයක් තිබ්බත් කිසිවක් උනාද කියන පැහැදිලි චිත‍්‍රයක් නොතිබ්බත් කොහොමින් කොහොමහරි මේ වෙනාකොට සිනමාශාලා හිමියො උනන්දුවක් ඇතිකරගෙන තම තමන්ගෙ සිනමාශාලා ඩිජිටලයිස් කරගෙන "සරිගම" පෙන්වන්න සූදානම් වෙනවා.

මේකට හේතුව සෝමරත්නගෙ චිත‍්‍රපට දුවනවා යන්න ඔවුන්ගේ විශ්වාසය නිසයි.

"සිනමාශාලා හිමියන් ඩිජිටල් කිරීමට වියදම් දරන්න මැළිකමක්‌ දක්‌වනවා. ලෝකයේ ඉහළම තාක්‍ෂණය යොදවමින් හදපු චිත්‍රපටයක්‌ අවුරුදු හැටක්‌ විතර පැරණි ක්‍රමයට පැරැණි ශාලාවල පෙන්වනවා. ඒ නිසා මම කලින්ම සිනමාශාලා හිමියන්ට කිව්වා සිනමාශාලාව ඩිජිටල් නම් විතරයි "සරිගම" පිටපත දෙන්නේ කියලා. සතුටුයි කියන්න අලුතින් සිනමාශාලා හතළිහක්‌ මේ චිත්‍රපටය වෙනුවෙන්ම ඩිජිටල් කළා. ඒක පොදුවේ අපේ සිනමාව ලැබූ ලොකු ජයග්‍රහණයක්‌. රිද්මා මණ්ඩලයේ සහ සී.ඊ.එල්. මණ්‌ඩලයේ සිනමාශාලාවල අද සිට "සරිගම" තිරගත වෙනවා.

ඒ වගේම තවත් විශේෂත්වයක්‌ තියෙනවා අපි "සරිගම" දෙමළ පිටපත් කිහිපයකුත් මේ දවස්‌වල සම්පූර්ණයෙන්ම දමිළ භාෂාවෙන් හඬකවනවා . ගීත පවා දමිළ. ඒ නිසා "සරිගම" තනිකර දමිල චිත්‍රපටයක්‌ ලෙසයි තිරගත වෙන්නේ. තව සතියක්‌ ඇතුළත මන්නාරම, කොළඹ, කිලිනොච්චි, නුවරඑළිය, යාපනය,ත‍්‍රිකුනාමලය, වව්නියා ,මඩකලපුව පාසිකුඩා ඇතුලු තවත් නගර කිහිපයක "සරිගම" දමිළ චිත්‍රපටයක තිරගත කරනවා.

සෝමරත්න ඒ විදිහට "සරිගම' ප‍්‍රදර්ශණය කරනකොට පිටපත් 35සීමාව බිඳගෙන යළිත් වැඩි සිනමාශාලා ප‍්‍රමාණයක "සරිගම" ප‍්‍රදර්ශණය කරනවා.
"පිටපත් තිස්‌පහේ සීමාව දැන් වලංගු නැහැ.අපිට එරෙහිව නඩුවක්‌ තිබුණා. ඒ නඩුවෙන් අපි ජයගත්තා. ඒ පැමිණිල්ල නිෂ්ප්‍රභා කරලා තීන්දුවක්‌ දුන්නා.

Leave a comment

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities