Fast & Furious නවතම චිත්‍රපටය ලබන වසරේ

ලොවපුරා ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලදගත් Fast & Furious චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය Furious 8 චිත්‍රපටය ලබන වසරේ තිරගත කිරීමට සුදානම් වනවා.

04 Dec 2016 0 comment

හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටය අධ්‍යක්‍ෂ F.Gary Grayගේ අධ්‍යක්‍ෂණයෙන් සහ  Chris Morganගේ පිටපත් රචනයෙන් මෙම චිත්‍ර පටය නිර්මාණය වී ඇති බව සදහන්.

සුපිරි හොලිවුඩ් නළු Vin Diesel ප්‍රධාන චරිතයට පණපොවන අතර  Michelle Rodriguez, Dwayne Johnson, Tyrese Gibson, Chris Bridges, Lucas Black, Scott Eastwood, Kurt Russell, Jason Statham යන ජනප්‍රිය රංගන ශිල්පින් ශිල්පිනියන් මෙම චිත්‍රපටයට රංගනයන් දායක වනවා.

මෙම චිත්‍රපට මාලාවේ අනෙකුත් චිත්‍රපට මෙන් ලොවවටා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලදගනු ඇතැයි නිෂ්පාදකයන් අපේක්ෂා කරනවා.

2017 වසරේ අප්‍රේල් මාසයේදී මෙම චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීමට නියමිතයි.

Media

Leave a comment

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities