රිහානා සහ හෙන්රි කුමරු HIVටෙස්ට් කරලා


රිහානාව නොදන්න අය හරි අඩුයි. ඇය ලොව පුරා ජනප‍්‍රිය ගායන තරුවක්.ඇය පසුගිය ජාත්‍යන්තර ඒඩ්ස් දිනයේදී සමාජ සත්කාරයකට දායකවුනේ තවත් ලෝකයේ ප‍්‍රසිද්ධම චරිතයක් වූ එමෙන්ම එංගලන්තයේ රජ පවුලේ හෙන්රි රජකුමරා සමගයි.

04 Dec 2016 0 comment

Rihanna and Prince Harry

 

මේ දෙන්නා ප‍්‍රථම වතාවට රිහානාගේ රටේදී මුණගැහුනේ දෙන්නටම සුවිශේෂී අවස්ථාවක් උදා කරමින්.රිහානා පළමුව ඒඩ්ස් රෝගය පිළිබඳව රුධිර පරීක්‍ෂණයට දායක වූ අතර අනතුරුව රාජකීය කුමාරයාද ඊට දායක විය.

රිහානා සහ හෙන්රි අතර ඉතාමත් සමීප මිත‍්‍රත්තවයක් ගොඩ නැගුනු බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 

මෙලෙස කලාකරුවන් සහ රාජකීයයන් මෙන්ම අන් අය මීට සිය දායකත්වය ලබාදෙන්නේ මෙම රෝගයට ගොඳුරුවිය හැකි ප‍්‍රමාණය අවම කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම උදෙසාය.

 

ලංකාවේද වසරින් වසර එච්අයිවී පොසිටිව් වන ප‍්‍රමාණය වැඩිවෙමින් පවතින බව තොරතුරු වාර්තාවෙනවා. පාසල් යන දරුවන් තුළින් පවා මෙවැනි ආසාධිතයින් හමුවෙමින් පවතිනවා. ලංකාවෙන් පිටරට අධ්‍යාපනයට යන දරුවෙක් අනිවාර්්‍යයෙන්ම එච්අයිවී ආසාධනය පිලිබඳ රුධිර පරීක්‍ෂාවක් කර සහතිකයක් ලබාගතයුතු වෙනවා.
අප රට තුළත් මෙවන් අවදානමක් පවතින සමාජ තත්ත්වයක දිනයකට පමණක් සීමා නොකර යම් වැඩ පිළිවෙළක් පවත්වාගෙන යාම අනාගතයට සුබදායකවේවි.

 

Leave a comment

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities