සරසවිය සිනමා සතිය අද සිට

සරසවිය සිනමා උළෙලට පූර්වගාමීව පැවැත්වෙන චිත්‍රපට සතිය අද (5) සවස 6.00ට කොළඹ රීගල් සිනමාහලේදී පැවැත්වේ. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සරසවිය සම්මාන ඉතිහාසයේ මුල්ම හොඳම නිළිය පුණ්‍යා හීන්දෙනිය  සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ සහභාගීවේ.

05 Dec 2016 0 comment

 5දින තිරගත වනුයේ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ගුණපාල රත්නසේකර නිෂ්පාදනය කළ මහරජ ගැමුණු චිත්‍රපටයයි. ජැක්සන් ඇන්තනී, උද්දික ප්‍රේමරත්න, කුසුම් රේණු, ශ්‍රියන්ත මෙන්ඩිස්, බුද්ධදාස විතානාරච්චි, යශෝධා විමලධර්ම, දමිතා අබේරත්න, රෙබෙකා නිර්මාලී, තාරකා වන්නිආරච්චි, උපාලි තිලකරත්න, සාරංග දිසාසේකර, ජගත් මනුවර්ණ, අර්ජුන කමලනාත් ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත මවති.

6දින "බොර දිය පොකුණ"- සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ "බොරදිය පොකුණ" මෙරට පැවැත්වුන වෙනත් සිනමා සම්මාන උළෙල රැුසකින් හොඳම චිත‍්‍රපටයට මෙන්ම හොඳම රංගන ශිල්පිනිය සම්මානය ඇතුලු විවිධ සම්මාන දිනාගෙන තිබේ. මෙහි කෞෂල්‍යා ප‍්‍රනාන්දු,ඩිලානි අබේවර්ධන,ඇතළු නළු නිළි රැුසක් රංගනයෙන් දායකවේ.

7දින "ඔබ නැතුව ඔබ එක්ක"-ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්‍ෂණය කළ මෙම චිත‍්‍රපටය අන්තර්ජාතික සම්මානයට පාත‍්‍රවූ අතර මෙහි රගපෑ අන්ජලී පටෙල් හොඳම නිළිය ලෙසින් අන්තර්ජාතික සම්මානය ට පාත‍්‍රවිය.මෙහි අන්ජලී පටෙල් සමග ශ්‍යාම් ප‍්‍රනාන්දු රංගනයෙන් දායක විය.

8දින "ඇඩ‍්‍රස් නෑ"- ජැක්සන් ඇන්තනීගේ අධ්‍යක්‍ෂණයක් වූ මෙහි සබීතා පෙරේරා රොෂ්නා රවීන්ද‍්‍ර මහනේද‍්‍ර පෙර්රා ජැක්සන් ඇන්තනී රංගනයෙන් දායක වන අතර. මෙම චිත‍්‍රපටයටද මෙරට සිනමා සම්මාන උළෙල කිහිපයකදී සම්මාන හිමිවිය.

09 දින "හෝගානා පොකුණ"- ඉන්දික පර්ඩිනනස්ගේ අධ්‍යක්‍ෂණයක් වන මෙහි ළමා නලු නිලියන් රැුසක් සමග ජයලත් මනෝරත්න දයාදේව එදිරිසිංහ ජයනි සේනානායක ඇතුළු නලු නිළියන් රැුසක් රංගනයෙන් දායක විය. හෝගානා පොකුණ ජනප‍්‍රිය ම චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍ර වූ අතර විවිධ සම්මාන රැුසක් හෝගානා පොකුණ විසින් දිනාගනු ලැබුවා

Leave a comment

Mirrorarts.lk Latest Gossip and Entertainment News of Sri Lankan Celebrities